ආන්දෝලනාත්මක අපරාධ,වංචා විමර්ශනවල ප්‍රගතිය සොයාබැලේ

ඔක් 04, 2024
    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (03) දින විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.

    මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතික තලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලීසිය පවත්වනු ලබන විවිධ විමර්ශනවල ප්‍රගතිය සොයාබැලීම සඳහා මෙම සාකච්ඡාව කැදවා තිබෙනවා.

    මේ සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්වූ බව පොලීසිය පැවසුවා.
    මෙහිදී දැනට සිදුකරගෙන යන විමර්ශන මොනවාද, තාවකාලිකව නවත්වා තිබෙන විමර්ශන ඇත්නම් ඒවා මොනවාද, එසේ නැවැත්වීමට දේශපාලනික හේතු බලපා තිබෙනවාද තවද, අනවශ්‍ය ලෙස ප්‍රමාද වී තිබෙන විමර්ශන සහ අළුතින් ආරම්භ කළ යුතු විමර්ශන ඇත්නම් ඒවා මොනවාද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත.
    එමෙන්ම එසේ විමර්ශන ප්‍රමාද වී තිබේනම් ඒවා මොනවාද යන්න පිළිබඳවද සාකච්ඡාකළ බවද පොලීසිය සඳහන් කළා.
    මෙහිදී වැදගත් විමර්ශන රාශියක් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර, එම සාකච්ඡාවට අදාළ කරුණු පිළිබඳ වාර්තාවක් සකස්කර ඉදිරි විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවා.

    Latest News