අණ නොතැකූ ලොරියකට පොලීසියෙන් වෙඩි - අයෙක්ට තුවාල

සැප් 30, 2024
    පානදුර, පල්ලියමුල්ල ප්රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

    පානදුර උතුර පොලීසිය විසින් සිදුකළ සොදිසි මෙහෙයුමක් අතතුර දී පොලිස් මාර්ග බාධකයකදී ලොරි රථයකට නවත්වන ලෙසට අණ කර තිබෙනවා.

    එහිදී එම ලොරිය අණ තොතකා සැක සහිත ලෙස ඉදිරියට ධාවන කර ඇති අතර පසුව පොලීසිය විසින් ලොරි රථයට වෙඩි තබා තිබේ.
     
    එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට රෝහල්ගතව ප්රථිකාර ලබමින් සිටින බව පොලීසිය පවසන්නේ.
     
    ලොරි රථයෙන් හරක් ප්රවාහනය කරමින් සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

    Latest News