සංක්‍රමණිකයින් රැගත් රථයකට වෙඩි ප්‍රහාරයක්

ඔක් 03, 2024
    ‍මෙක්සිකෝවේ දකුණුදිග ප්‍ර‍දේශයේදී සංක්‍රමණිකයින් 33 දෙනෙකු රැගත් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
    මෙක්සිකෝ ආරක්‍ෂක අංශ කළ මෙම වෙඩි තැබීමෙන් සංක්‍රමණිකයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
    ග්වාතමාලා දේශ සීමාවේ සිට කිලෝ මීටර 40 ක් උතුරින් දේශ සීමා ආසන්න ප්‍රදේශයට සංක්‍රමණිකයන් රැගත් මෙම රථය ගමන් කරමින් තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
    ආරක්‍ෂක අංශවල අණ නොතකමින්, එම රථය අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් වෙඩි තැබූ බවයි ආරක්‍ෂක අංශ ප්‍රකාශ කරන්නේ.
    වෙඩි තැබීමට සම්බන්ධ ආරක්‍ෂක අංශ නිලධාරීන් දෙදෛනකු රාජකාරියෙන් ඉවත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්වෙනවා.

    Latest News