ජීවිත බිලිගත් නේපාලයේ ඛේදවාචකය

සැප් 29, 2024
    නේපාලයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට එරට ප්රදේශ රැසකට දැඩි ගංවතුර තත්වයක් බලපා තිබෙනවා.

    ඉන් මේ වන විට තිස්දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    12 දෙනෙකු අතුරුදන් බව ආරක්ෂක අංශ පවසනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, විපතට පත් පිරිස් ගලවා ගැනීම සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් තුන්දහසකට අධික පිරිසක් යොදවා ඇති බවයි.
     
    එරට බලධාරීන් පවසන්නේ, විපතට පත් පිරිස් සදහා තාවකාලික රැඳවුම් මධ්යස්ථාන රැසක් ස්ථාපනය කර ඇති අතර, ඔවුන්ට අවශ්ය ආහාර, ජලය, ඖෂධ ඇතුළු යටිතල පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවයි.
     
    මේ අතර, අධික වර්ෂාවත් සමග කත්මන්ඩු අගනුවර සිකුරාදා පස්වරුවේ සිට අභ්යන්තර ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබෙනවා.
     
    නමුත්, ජාත්යන්තර ගුවන් ගමන් තවදුරටත් ක්රියාත්මක බවයි වාර්තා වන්නේ. මේ අතර, එරට කාලගුණ අංශ පවසන්නේ, මෙම වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයේද පැවතිය හැකි බවයි.
     
    ඉන් තවත් ගංගා රැසක් පිටාර ගැලීමේ අවදානමක් හටගෙන ඇති අතර, ආපාදා තත්වය තවත් ඉහළ යා හැකි බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

    Latest News