ලොව විශාලතම මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම ඇරඹෙයි

ජූනි 04, 2024
    ‍ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණය වන ඉන්දීය මහ මැතිරවණයේ ඡන්දය ගණන් කිරීම අද ආරම්භ වුණා.
    අප්‍රේල් 19 වැනිදා ආරම්භ වූ මෙම මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වුණේ, පසුගිය සෙනසුරාදා.
    ‍ඡන්ද ගණන් කිරීම අද උදෑසන 8.30 ට ආරම්භ වුණා. ප්‍
     
    රථමයෙන් තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ අතර, ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම ආරම්භ වන්නේ , ඉන් අනතුරුවයි.
    ඉන්දීය මහ මැතිවරණය අදියර 7 ක් යටතේ සති 6 ක් පුරා පැවැත්වුණා.
     
    බිලියනයක් පමණ ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා ඇති අතර , මෙවර වාර්තාගත ලෙස මිලියන 642 ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි, මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ.

    Latest News