කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද

සැප් 30, 2024
    අභාවප්රාප්ත හිටපු අමාත්ය කුමාර වෙල්ගම මහතාගේ අවමංගල්ය අද සවස 4.00 ට මතුගම - ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතයි.

    මිය යන විට ඒ මහතා 74 වැනි වියේ පසුවුණා.

    හිටපු අමාත්ය කුමාර වෙල්ගම මහතා, 1984 සිට 2000 වසර දක්වා අගලවත්ත ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළා.
     
    පසුව ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් ඔහු "නව ලංකා නිදහස් පක්ෂය" නමින් නව පක්ෂයක් ආරම්භ කළා.
     
    2020 පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජනබලවේග සන්ධානයට එක්ව තරග කර, පාර්ලිමේන්තුවට තේරි පත්වුණා.
     
    අභාවප්රාප්ත කුමාර වෙල්ගම මහතාගේ දේහය මේ වන විට මතුගම හොරවල ඩෙනිස්ටන් වත්තේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
     
    ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා.
    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2024 11:09

    Latest News