ශ්‍රී ලංකා-නවසීලන්තය දෙවන ටෙස්ට් තරගය හෙට

දෙසැ 25, 2018

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී ඇරඹේ.

    තරගාවලියේ පළමු තරගය නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි. දෙරට අතර හෙට පැවැත්වෙන්නේ 34 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි. මීට පෙර පැවති තරගවලින් නවසීලන්තය තරග 14ක් ජයගත් අතර, ශ්‍රී ලංකාවට තරග 8ක ජය හිමිවිය. තරග 11ක් අවසන් වූයේ, ජය පරාජයෙන් තොරවය.

    ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව, නවසීලන්තය සිව්වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාවට හය වැනි ස්ථානය හිමිව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්තය බලා පිටත්ව ගියේ, මීට පෙර පැවති තරගාවලි කිහිපයක් පරාජය වීමෙන් පසුවය. නමුත්, නවසීලන්තයට එරෙහිව පැවති පළමු තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් යලිත් දක්‍ෂතා අතරට පැමිණීම දැකගත හැකිවිය.

    එහිදී ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී ශතක වාර්තා කළ අතර, පළමු ඉනිමේදී දිමුත් කරුණාරත්න මෙන්ම, නිරෝෂන් දික්වැල්ල ද ලකුණු අතරට පැමිණියහ. හෙට තරගය ජය ගැනීමට හැකි වුවහොත්, ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය ද හිමිකර ගත හැකියි.

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, තරගය පැවැත්වෙන තණතීරුව වේගවන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දෙන්නක් බැවින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් වෙනසක් සිදුවිය හැකි බවයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News