ශ්‍රී ලංකා පිලට අසීරු ඉලක්කයක්

දෙසැ 28, 2018

    නවසීලන්තය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 660ක ඉලක්කයක් හිමිව තිබේ.

    අද දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24කි. තරගය නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වේ. තරගයේ පළමු ඉනිමට නවසීලන්තය ලකුණු 178ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 104යි.

    අද දිනය ආරම්භ කරන විට නවසීලන්තය තම දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී, ලකුණු 231ක් ලබා සිටියහ. ඔවුහු තම දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 585ක් රැස් කරමින්, ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. ටොම් ලේතම් ලකුණු 176ක් රැස් කළ අතර, හෙන්රි නිකලස් ලකුණු 162යි.

    පිළිතුරු ලෙස ලකුණු 660ක ඉලක්කයක් හඹා යමින් ධනුෂ්ක ගුණතිලක හා දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් ලෙස පිටියහ පිවිසියහ. ධනුෂ්ක ලකුණු 4කට දැවී ගිය අතර, දිමුත් කරුණාරත්නට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැත. ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 636ක් ලබාගත යුතුව ඇත.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Last modified on සිකුරාදා, 28 දෙසැම්බර් 2018 17:44

    Latest News