ජාතික ජීවිතාරක්‍ෂක ශුරතාව පොලිසියට

දෙසැ 29, 2018

    ශ්‍රී ලංකා ජාතික ජිවිතාරක්‍ෂක ශුරතාව පොලිස් ජිවිතාරක්‍ෂක ඒකකය විසින් දිනාගෙන තිබේ.

    67 වන ශ්‍රී ලංකා ජාතික ජිවිතාරක්‍ෂක ශුරතාව තරගාවලිය පොලිස් පිහිනුම් තටාකය සහ ගල්කිස්ස වෙරළ තීරයේ දී ඊයේ පැවැත්විණ. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගි වූහ. සමස්ත තරගාවලියේ ලකුණු 253ක් ලබාගනිමින් පොලිස් ජිවිතාරක්‍ෂක කණ්ඩායම එම ශුරතාව දිනාගත්තේය.

    ශ්‍රී ලංකා පොලිසිය දිවයින පුරා ස්ථාන 28ක් තුළ පැය 24ම ක්‍රියාත්මක වන පරිදි ජිවිතාරක්‍ෂක සේවාවන් ක්‍රියාත්මක කරනු ලබයි. මේ අනුව මේ වසරේදී පුද්ගලයින් 128 දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට හැකිවී ඇත. 

    මේ වසරේ ඇතිවු ආපදා තත්වයන්හිදී පුද්ගලයින් 1100 කට ආසන්න ප්‍රමාණයකගේ ජිවිත බේරා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

    life1 px 900 18 12 29

    life4 px 900 18 12 29

    life3 px 900 18 12 29

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 17:26

    Latest News