ඇන්ඩි මරේ ටෙනිස් පිටියට සමුදෙයි

ජන 15, 2019

    සුපිරි ටෙනිස් ක්‍රීඩක බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේට ඔහුගේ සමකාලීන ක්‍රීඩකයෝ ගෞරවාන්විත සමුදීමක් ලබාදෙති.

    ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ටෙනිස් පිටියේදී එය සිදුවිය. ඇන්ඩි මරේ පාදයේ ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව, ප්‍රකාශ කර තිබිණි.

    ඔහු එම තරගාවලියේ පළමු වටයට ඊයේ සහභාගි වූයේ ස්පාඤ්ඤ ක්‍රීඩකයෙකු සමඟයි. තියුණු තරගයකින් පසු වට 3-2ක් ලෙස ඇන්ඩි මරේ ඉන් පරාජයට පත්වූ අතර ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට ද සිදුවිය. 

    අනතුරුව ලොව සුපිරිතම ටෙනිස් ක්‍රීඩකයින් වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්, සර්බියාවේ නොවැක් යොකැවිච්, ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩර් ඇතුළු ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ඇන්ඩි මරේ ට සමුදුන්නේය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ජනවාරි 2019 09:16

    Latest News