T20 ලෝක කුසලානය; ශ්‍රී ලංකාවේ තැන ඇෆ්ගනිස්තානයට

ජන 01, 2019

    2020 දී පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගි විය යුතුය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2020 අයි.සී.සී. 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගත් කණ්ඩායම් අට අද (01) නිවේදනය කළේය.

    ඉන්දියාව, පකිස්තානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය ඊට ඇතුළත් වේ. 2018 අවසන් වනවිට පැවති 20-20 ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසුවන කණ්ඩායම් 08 මෙලෙස සුදුසුකම් ලබා ඇති අතර, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඊට ඇතුළත් වී නැත.

    ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන්නේ, ලබන වසරේ ඔක්තෝබර් මස පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමෙන් අනතුරුවයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News