ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් තරගාවලියෙන් දරුණු පරාජයක්

ජන 11, 2019

    ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමඟ සහභාගි වූ සමස්ත ක්‍රිකට් තරගාවලියෙන්ම පරාජයට පත්වෙති.

    දෙරට අතර 20-20 තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කිරීමට ද නවසීලන්ත කණ්ඩායම අද සමත්වූහ. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම, පන්දු වාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කළහ. ඩොග් බ්‍රෙස්වෙල් ලකුණු 44යි. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3ක් බිඳ හෙළීය.

    ලකුණු 180ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 144ක් පමණි. ඒ අනුව, නවසීලන්ත කණ්ඩායමට ලකුණු 35ක ජයක් හිමිවිය. තිසර පෙරේරා ලකුණු 43යි. ලොකී ෆර්ගසන් සහ ඉෂ් සෞති කඩුලු 3 බැගින් දවාගත්හ.

    ශ්‍රී ලංකා පිල ටෙස්ට්, එක්දින සහ 20-20 තරගාවලි තුනම පරාජයට පත්වූයේ කණ්ඩායමේ දුර්වල පිතිහරඹය නිසා බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

    Last modified on සිකුරාදා, 11 ජනවාරි 2019 19:32

    Latest News