ඉන්දියාවට ලකුණු 138ක ජයක්

දෙසැ 30, 2018

    ඔස්ට්‍රේලියාව සමඟ පැවති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 138කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

    ඒ අනුව තරග 4කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ද ඉන්දියාවයි. මෙල්බන් හිදී පැවති තරගයේ පළමු ඉනිමට ඉන්දියාව ලකුණු 443ක් රැස් කළ අතර, ඔස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 151යි.

    ඉන්දියාව දෙවැනි ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 106ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාවට ලකුණු 399ක ඉලක්කයක් ලබා දුන්නේය. ඒ අනුව ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත්තේ ලකුණු 261ක් පමණි.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News