ලකුණු 84ක් අතැතිව ශ්‍රී ලංකා පිල හෙට පිටියට

දෙසැ 26, 2018

    ශ්‍රී ලංකාව නව නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට පන්දුවට පහරදෙමින් සිටින ර්‍ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 84ක් රැස්කරගෙන සිටී.

    ක්‍රස්ට්චර්ච්හිදී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනූව, නවසීලන්ත කණ්ඩායමට සියළුදෙනාම දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි. සුරංග ලක්මාල් 54/5, ලහිරු කුමාර 49/3යි.

    නවසීලන්ත කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් හා මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වූයේය. ඒ අනූව, ටිම්සවුති, වොට්ලින් සමග එක්ව ලකුණු 112ක සම්බන්ධතාවක් ගොඩනන්වනු ලැබිණ. ඒ අනූව, ටිම්සවුති ලකුණු 68ක් රැස්කර ගැනීමට සමත්විය. වොට්ලින් නොදැවී ලකුණු 46ක් රැස්කර ගත්තේය. අනතුරුව, ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්‍රිලංකා කණ්ඩායමේ ද මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක විය. ඒ අනූව,සිව් වැනි කඩුල්ල සඳහා පන්දුවට පහරදෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27ක් ද, රොෂේන් චානක ලකුණු 15ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටී. ටිම්සවුති කඩුලු 3යි. හෙට තරගයේ දෙවැනි දිනයයි.

    Latest News