නවසීලන්තයට 45ක ජයක්

ජන 03, 2019

    කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළහ. ඉනිම ආරම්භ කරනු ලැබුවේ, මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ විසිනි.

    ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 23ක් වන විට මුන්රෝ ලකුණු 13කට දැවී ගියේය. පසුව, දෙවැනි කඩුල්ල සඳහා ගප්ටිල් සහ නායක කේන් විලියම්සන් ලකුණු 163ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ. විලියම්සන් ලකුණු 76ක් ලබා සිටියදී දැවී ගියේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ මාටින් ගප්ටිල් සිය එක්දින ක්‍රිකට් දිවියේ 14 වැනි ශතකය වාර්තා කිරීමටද සමත්විය. ලකුණු 138ක් ලබා සිටිය දී ඔහු දැවී ගියේ නවසීලන්ත ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙසයි. රොස් ටේලර් ලකුණු 54ක් රැස් කළේය. ජේම්ස් නීෂම් පන්දු 13කට පමණක් මුහුණ දී 6 පහර 06ක් සමග නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 47කි. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකයි. ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 119ක සබඳතාවක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමත් විය. පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුණු 43කට දැවී ගියේය.

    පන්දු 50කදී පහර 8ක් සහ 6 පහර 3ක් සමග නිරෝෂන් දික්වැල්ල රැස් කළ ලකුණු සංඛ්‍යාව 76කි. කුසල් මෙන්ඩිස් ලකුණු 18කටත්, දිනේෂ් චන්දිමාල් ලකුණු 10කටත් දැවී ගියේය. විශිෂ්ට පිති හරඹයක නිරතවෙමින් කුසල් ජනිත් පෙරේරා පන්දු 86කදී 4 පහර 13ක් සහ 6 පහරක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 102කි. මේ අතර, 2017 වසරේ ඇන්ජලෝ මැතිව්ස් වාර්තා කළ ශතකයෙන් පසුව එක්දින තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙකු ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි. පන්දු යැවීමේ දී ජේම්ස් නීෂම් ලකුණු 38කට කඩුලු 3ක් බිඳ හෙළීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 17:35

    Latest News