ජයග්‍රහණයට ලකුණු 429ක ඉලක්කයක්

දෙසැ 29, 2018

    ශ්‍රී ලංකා සහ නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

    තරගය, නවසීලන්තයේ ක්‍රයිස් චර්ච්හිදී පැවැත්වේ. දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින  ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමාවන විට කඩුලු 6ක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන සිටියහ. අද දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් බිදී දැමීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුනේ කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් හා නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 56ක් ලබා ගත්හ. ඇන්ජලෝ මැතිව්ස් තරගය අතරතුර දී ආබාධයකට ලක්වීම හේතුවෙන්, පිටියෙන් ඉවත්විය. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 429ක් ලබාගත යුතු වේ. තරගයේ අවසන් දිනය හෙටයි.

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 14:39

    Latest News