ක්‍රිකට් වංචා හෙළිකරන්න ICCයෙන් සහන කාලයක්

ජන 10, 2019

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ජනවාරි මස 16 වැනිදා සිට 31 දක්වා දින 15ක සහන කාලයක් ලබා දී තිබේ.

    ICC ය මෙවැනි සහන කාලයක් ලබා දුන් පළමු අවස්ථාව මෙයවන අතර ශ්‍රී ලංකාවට විශේෂිත වූ හේතු නිසා මේ අවස්ථාව දුන් බව එහි සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් පවසයි.

    මෙම සහන කාලය තුළ වංචා දූෂණ පිළිබඳ වාර්තා කිරීමට අපොහොසත් වූ ක්‍රීඩකයන්ට නැවත අවස්ථාව සැලසෙන අතර වංචාවක් පිළිබඳ දැනුම් දීමක් කිරීමෙන් කිසිදු ප්‍රතිවිපාකයක් විඳින්නට සිදු නොවනු ඇති බව ICCය පවසයි.

    සාමාන්‍ය තත්තවය යටතේ කිසියම් ක්‍රීඩකයෙන් යම් වංචාවක් පිළිබඳ දැනුම් දීමට අපොහොසත් වූවොත් එම ක්‍රීඩකයා තහනමට ලක්වේ. නමුත් මෙම සහන කාලය නිසා එසේ සිදු නොවනු ඇත.

    පසුගිය දා සනත් ජයසූරිය ඇතුළ හිටපු ක්‍රීඩයකයන් තුන්දෙනෙක් හට ICC ය මගින් දූෂණ චෝදනා ගොනු කොට තිබේ. ඒ අතර නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ යන ක්‍රීඩකයන් ඇතුලත් වේ.

    අදාළ කාලය තුළ එම කවුන්සිලයේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ඇති. එම කාර්යාලයට ක්‍රම තුනක් හරහා පැය 24 පුරාම තොරතුරු ඉදිරිපත් කළ හැක.

    ඇපල් හෝ අන්ඩ්‍රොයිඩ් ඇප් - ICC Intergrity App
    දුරකතන අංක - +971 565 45 89 09
    විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    i 1

    තවත් තොරතුරු පහතින්...

    http://www.espncricinfo.com/story/_/id/25721465/icc-announces-15-day-amnesty-report-corrupt-approaches

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 10:55

    Latest News