තිසරගේ වේගවත් ඉනිම කඩා වැටීමෙන් ශ්‍රි ලංකාවට පරාජයක්

ජන 05, 2019

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගයේදී ලකුණු 21කින් ජය වාර්තා කිරිමට නවසීලන්තය අද සමත්විය.

    තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දු වාර 50 තුළදී කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් රැස් කළේය. රොස් ටේලර් ලකුණු 90 ක්ද, කොලින් මොන්රෝ ලකුණු 87 ක් ද ජේම්ස් නීෂාම් පන්දු 37 කදී ලකුණු 64 ක් ලබා ගත්තේය.

    ලකුණු අතර සිටි නවසීලන්ත ක්‍රීඩකයන් තිදෙනාම දුවද්දි දැවී යාමට හසු වූයේය. එ අනුව අද දිනයේ නවසීලත්ත පිතිකරුවන් සිව්දෙනෙකු දුවද්දී දැවීයාමට හසු වුහ. නායක ලසිත් මාලිංග ලකුණු 45 කට කඩුලු 2 ක් බිඳ හෙලීමට සමත්විය.

    320ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පන්දුවාර 46යි පන්දු 02කදී දැවි ගියේ ලකුණු 298ක් රැස්කර ගෙන සිටියදීවේ. ශ්‍රී ලංකාව ජයග්‍රණය කරා රැගෙන යාමට තනිව සටනක නිරතවු තිසර පෙරේරා පන්දු 74ක් දී වේගවත් ලකුණු 140ක් රැස්කිරීමට සමත් විය. එහි තිසර පෙරේරා පන්දු 57 කදී සිය ප්‍රථම එක්දින ශතකය වාර්තා කලේ ශ්‍රි ලංකාවේ තෙවන වේගවත්ම ශතකය ලෙස වාර්තාවක් තබමිණි. ඔහුගේ ඉනිමට හයේ පහර 13ක් සහ හතරේ පහර 08ක් ඇතුළත් වුයේය. තිසරට පසු වැඩිම ලකුණු ලැබු ක්‍රිඩකයා වුයේ ලකුණු 74 රැස්කළ ධනුෂ්ක ගුණතිලකයි.

    ජයග්‍රහනය පේනමානයේ සිටි ශ්‍රි ලංකාව පරාජය වුයේ මැට් හෙන්ඩ්රිගේ පන්දුවකට තිසර පෙරේරා එල්ල කළ පහර ට්‍රේන් බෝල්ට් විසින් උඩපන්දුවක් ලෙස රැක ගැනිමෙන් පසුයි.

    ඉෂ් සෝධි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් දවා ගැනීමට සමත්වුයේය. තිසර පෙරේරා තරඟයේ වීරයා සම්මානය පිරිනැමිණ. ඒ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්ව සිටි.

    Latest News