ඕස්ට්‍රේලියානු සංචාරය ඇරඹේ

ජන 16, 2019

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණු තරගය හෙට හෝබාට්හිදී ආරම්භ වීමට නියමිතයි.

    තෙදින පුහුණු තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිගේ කණ්ඩායම සමඟයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුලත්වේ.

    ප්‍රථම තරගය ජනවාරි 24 සිට 28දක්වා බ්‍රිස්බෙන්හි ගැබා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ දිවා-රාත්‍රී තරගයක් ලෙසයි. දෙවන ටෙස්ට් තරගය පෙබරවාරි 01 සිට 05 වැනිදා දක්වා කැන්බරාහිදී පැවැත්වීමට නියමිතයි.

    Last modified on බදාදා, 16 ජනවාරි 2019 18:10

    Latest News