සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගත් 20-20 ක්‍රිකට් තරගයේ වාර්තාව ද හිමිකර ගනිමින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත්වුණා.

ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගයක් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබෙනවා‍.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම 4 වටයේ තරග අද ආරම්භ කෙරෙනවා.

වාර්තාගත ලකුණු හඹා යාමත් සමග ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි  කණ්ඩායම් 4 වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රීලංකා ඊයේ සමත් වුණා. ඒ, බංග්ලාදේශයට එරෙහිව පැවති තරගය කඩුලු 2 කින් ජයගනිමින්.

‍ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්  ඩුබායිහි දී අද  පැවැත්වෙනවා.  ඒ, බංග්ලාදේශය  සමග තරගයයි. 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B ඛාණ්ඩය යටතේ ඊයේ (30) පැවැති තරගයේ බංගලාදේශය පරාජයට පත් කරමින් කඩුළු 7කින් තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් පකිස්තාන කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී අද (27) ආරම්භ වනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (26) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

විරාට් කෝලි ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණඩායම අද (24) පස්ව‍රුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අ‍ෆ්‍රිඩිට එළැඹෙන ආසියානු කුසලානය මගහැරී යනවා.  ඒ,  ඔහු ආභාධයකට ලක්වසිටීම හේතුවෙන්.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය, නිල වශයෙන් නම් කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ, ආරාධිත 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ රෙඩ්ස් කණ්ඩායම සමත් වුණා.

ජාත්‍යන්තර වූෂු සහ කුංෆු දිනය අදට යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ඒ කාණ්ඩයේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීරණය කර තිබේ.

දින 11 ක් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ නිමාවට පත් වුණා. ක්‍රීඩා උළෙල පැවැත්වුණේ, එංගලන්තයේ බර්මිංහැම් නුවරදී.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කර දුන් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව අද අලුයම දිවයිනට පැමිණියා.

Latest News