ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

නොවැ 07, 2022

    පන්දුවාර 20-20 ක්‍රිකට්  ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන (07) දිවයිනට ළගා වුණා.

    කටුනායක ගුවන්තොටුපොළින් කණ්ඩායම දිවයිනට පැමිණියේ ඔවුන් සමග තරගයට එක්වූ ධනුෂ්ක ගුණතිලක නොමැතිවයි. මෙවර තරගාවලියේ ඔවුන් මූලික වටයේ දී නැම්බියාව හමුවේ පරාජය වුවත් නෙදර් ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවති තරග ජය ගනිමින් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබුවා.

    අයර් ලන්තය හා ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් දෙවන කාණ්ඩයේ 4 වන ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුනා.

     

    Last modified on සදුදා, 07 නොවැම්බර් 2022 10:42

    Latest News