වැලිකතරේ සැණකෙළියට තව දින 14 යි

නොවැ 06, 2022

    2022 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින 14ක් පමණයි. ලබන 20 වැනි දා ආරම්භ වන තරගාවලියේ සියලු තරග ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය ‍කෙරෙනවා.

    ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙවර සංවිධාන කෙරෙන්නේ, 22 වැනි වරටයි. කටර්හිදී පැවැත්වෙන තරගාවලියට සුපිරි පාපන්දු කණ්ඩායම් 32 සහභාගි වනවා. මෙතෙක් ඉතිහාසයේ වැඩිම අවස්ථාවක් ලෝක පාපන්දු කිරුළ ජය ගත්තේ, බ්‍රසීල කණ්ඩායමයි.

    ඔවුන් 1958,1962,1970,1994 සහ 2002 යන වසරවලදී එම කිරුළ දිනාගත්තා. මීට අමතරව බ්‍රසීලය අවස්ථා දෙකකදී අනුශූරතාව දිනාගෙන තිබෙනවා. ඒ 1950 සහ 1998 වසරවලදී.

    පැවති සියලු ලෝක කුසලාන පාපන්දු තරගාවලි සඳහා ක්‍රීඩා කළ බ්‍රසීලය තරග 109 කට සහභාගි වී ඉන් 73ක් ජයග්‍රහණය කළා. මේ වන විට ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ පසුවන්නේද බ්‍රසීල කණ්ඩායමයි. ඔවුන් මෙවර මූලික වටයේ දී ජී කාණ්ඩයෙන් තරග වදිනවා.

    ලබන 20 වැනිදා ආරම්භ කෙරෙන ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය දෙසැම්බර් මස 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News