ධනුෂ්කට ක්‍රිකට් තහනම්

නොවැ 07, 2022

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ.

    ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන කිසිදු තරගාවලියක් වෙනුවෙන් ඔහු තේරීම් සඳහා සළකා නොබලන බවද ක්‍රිකට් ආයතනය පවසයි.

    එසේම ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහුට එරෙහි ඕස්ට්‍රේලියාවේ උසාවියේ නඩුව අවසන් වූ පසු, ක්‍රීඩකයා වරදකරු වුවහොත් ඔහුට දඬුවම් කිරීමට පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

    විමර්ශන සඳහා ඕස්ට්‍රේලියාවට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට ක්‍රිකට් ආයතනය සූදානම් බවද ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. ඕස්ට්‍රේලියාවේ විභාග වන නඩුවේ තීන්දුව අනුව ඔහු සම්බන්ධව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ක්‍රිකට් ආයතනයේ නිවේදනයේ සඳහන්. 

    Latest News