වනිඳු යළිත් ඉහළට

නොවැ 09, 2022

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග යළිත් 2020 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

    ඔහු මෙම ලේඛනයේ පෙරමුණට පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි. ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දී එක් වනිදු දැක්වූ ඉහළ දක්ෂතා මෙම ලේඛනයේ පෙරමුණට පැමිණීමට හේතුවයි.

    ඔහු තරගාවලියේ දී කඩුලු 15 දවා ගැනීමට සමත් වුණා. තම වසර 3 ක විස්සයි-20 ක්‍රිකට් දිවිය තුළ තුල තරග 52 ක් ක්‍රීඩා කළ වනිදු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 86 ක්.

    වනිදුට මේ වනවිට ශ්‍රේණිගත කිරීම් ලකුණු 704 ක් හිමියි. එම ලේඛනයේ දෙවන ස්ථානය ඇෆ්ගනිස්ථානයේ රශීඩ් ඛාන්ටත්,තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ ජොෂ් හැස්ල්වුඩ්ටත් හිමි.

    Latest News