ධනුෂ්ක අද සිඩ්නි අධිකරණයට

නොවැ 07, 2022

    කාන්තා අතවරයක් සම්බන්ධව අත්අඩංගුවට පත්ව සිටින ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඒ සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළවය.

    මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියා රාජ්‍ය අපරාධ විධාන අංශයේ ලිංගික අපරාධ අංශය සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් සිදු කළ විශේෂ විමර්ශනයකින් අනතුරුවය.

    අදාළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ dating app ඔන්ලයින් යෙදවුමක් හරහා අදාළ තරුණිය සහ ධනුෂ්ක ගුණතිලක මුල්වරට හඳුනාගෙන ඇති බවය. පසුව ඉකුත් නොවැම්බර් 02 වනදා රාත්‍රීයේ සිඩ්නි නුවර Opera Bar හිදි ඔවුන් දෙදෙනා හමුවී ආහාරය ලබාගෙන පසුව සිඩ්නි නුවර රෝස් බේහි පිහිටි එම තරුණියගේ නිවසට ගොස් ඇතැයි සඳහන්ය.

    කෙසේ වෙතත් එම නිවසේ දී ධනුෂ්ක ගුණතිලක තමන් ලිංගික අතවරයට ලක්කළ බවට අදාළ තරුණිය පැමිණිල්ල ගොනු කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් පොලීසියේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව “අනුමැතියෙන් තොරව ලිංගික සංසර්ගය යෙදීම” පිළිබඳ චෝදනා 04ක් ගොනුකර ඇති බවය.

    Last modified on සදුදා, 07 නොවැම්බර් 2022 09:32

    Latest News