පකිස්ථානයේ බලාපොරොත්තු අලුත්වේ....

නොවැ 06, 2022

    පකිස්ථානය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර් ව වටයට සුදුසකම් ලබා ගත්තා.

    ඒ බංග්ලාදේශය සමග අද පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කරමින්. තරගය ඇඩිලේඩ්හිදී පැවැත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 127 ක් රැස් කළා. නජ්මුල් හොසේන් ලකුණු 54 යි. පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩී කඩුලු 4 ක් දවා ගත්තා. පිලිතුරු ලෙස පකිස්ථාන කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 18 යි පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 128 ක් රැස් කරමින්. මොහොමඩ් රිස්වාන් ලකුණු 32 යි.

    ඒ අනුව සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයෙන් පාකිස්ථානය සහ ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙන්නේ නවසීලන්තය සහ එංගලන්තයයි.

    Latest News