ධනුෂ්ක පුනරුත්ථාපනය කරයිද ?

නොවැ 07, 2022

    ධනුෂ්ක ගුණතිලක දින 5 ක කාලයක් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ඇතැයි, ‍වාර්තා වනවා. කෙසේ වුවද, ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් යළි ඉහළ උසාවියට ඇප අයැදුමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

    20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවී සිටි ධනුෂ්ක ගුණතිලක, ඊයේ අලුයම අත්අඩංගුවට ගැනුණේ, ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් කාන්තාවක කළ පැමිණිල්ලකට අනුවයි.

    ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ අදාළ කාන්තාව දින ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇසුරු කර ඇති බවත්, පසුව ඔහු සිඩ්නි නුවර "රෝස් බේ" ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී  මුණගැසී ඇති බවත්,  ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබුණා.

    ලිංගික අතවර චෝදනා 4 ක් ධනුෂ්කට එරෙහිව එල්ල වී තිබෙනවා. ඔහු, විදේශිකයෙකු වීමත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට වීසා බලපත්‍රයක් නොමැතිවීම නිසාත්, ධනුෂ්ක ගුණතිලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  හිටපු නීති අංශ ප්‍රධානී චානක සේනානායක මහතා සඳහන් කළා.

    ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඔස්ට්‍රේලියාවේ සිදු කෙරෙන නීති කටයුතු සඳහා වැය වන සියලු වියදම් ධනුෂ්ක ගුණතිලකගෙන් ආපසු ලබා ගැනීමට කටයුතු කරන බවයි.

    Latest News