පළමු අවසන් සටන හෙට

නොවැ 08, 2022

    2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර් ව තරගය පකිස්ථානය හා නවසීලන්තය අතර හෙට සිඩ්නි හිදී පැවැත් වේ.

    සුපිරි 12 වටයේ නවසීලන්තය මුහුණ දුන් තරග 5න් 3ක ජය හිමි කරගත් අතර එංගලන්තය හමුවේ පරාජයට පත් වුනා. ඔවුන් දළ ලකුණු 2.113ක් ලබා පළමු කාණඩයේ මුල් තැනට පත් වුනා.

    පකිස්ථානු කණඩායම සුපිරි 12 වටයේ තරග 3ක් ජය ගත් අතර ඉන්දියාව සහ සිම්බාබ්වේ හමුවේ පරාජය වුවත් දළ ලකුණු 1.028ක් ලබා දෙවන කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි කරගත්තා.

    දෙරට අතර 2020 තරග 28  ක් පවත්වා ඇති අතර 11 ක් නවසීලන්තයත් පාකිස්තානය අවස්ථා 17ක දීත් ජයග්‍රහණය කර ඇත. අවසන් වරට දෙරට අතර පැවැත්වූ තරග 5න් 4කම ජය පකිස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

    Latest News