FIFA ලෝක කුසලානයට තව දින 13යි

නොවැ 07, 2022

    2022 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින 13ක් පමණයි. ලබන 20 වැනි දා ආරම්භ වන තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනිය සතුයි.

    22 වැනි වරට පැවැත්වෙන ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දරණ අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලෙස, ලුසයිල් අයිකොනික් ක්‍රීඩාංගණය මෙවර විශේෂයි. අවසන් මහා තරගය ඇතුළුව තරග 10 ක් මෙවර මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

    2017 වසරේදී ඉදි කිරීම් ආරම්භ කළ එම ක්‍රීඩාංගණයේ, 2021 නොවැම්බර් මස 22 වැනිදා නිල වශයෙන් විවෘත කෙරුණා. කටාර් රාජ්‍යයේ විශාලතම ක්‍රීඩාංගණය ලෙස හැඳින්වෙන මෙම ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයින් 80,000 ක සංඛ්‍යාවකට ‍තරග නැරඹීමේ හැකියාව පවතිනවා.

    Latest News