ශූරයින්ගේ ‍සටනට දින 12 යි.

නොවැ 08, 2022

    ෆිෆා ලෝක පාපන්දු ශූරයින්ගේ ‍සටනට තව දින 12 යි.

    ලබන 20 වැනි දා ආරම්භ වන තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය දරන්නේ, ජාතික රූපවාහිනිය යි.

    ‍‍මෙවර ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දරන කටාර් ‍රාජ්‍ය යේ ක්‍රීඩාංගණ 8 ක් කේන්ද්‍ර කර ගනිමින් තරග පැවැත්වෙනවා. එහි "අල් බයිත්" ක්‍රීඩාංගණය ඉන් විශේෂ වන්නේ කටාර් හි දෙවැනි විශාලතම ක්‍රීඩාංගණය වීමයි.

    2021 වසරේ නොවැම්බර් මාසයේ දී ප්‍රතිසංස්කරණය කළ ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කෙරුණා. මෙවර තරගාවලියේ මංගල තරගය වන කටාරය සහ ඉක්වදෝරය අතර තරගය පැවැත්වෙන්නේ ද මෙම "අල් බයිත්" ක්‍රීඩාංගණයේ දී. ඒ අනුව, පාපන්දු ලෝක කුසලානයේ දී පැවැත්වෙන තරග 9 ක් මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

    මෙම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 60,000 කට එක වර තරගය නැරඹිය හැකියි. මෙහි ඉදිකිරීම් සඳහා 10,000 කට ආසන්න සේවක පිරිසක් දායකත්වය ලබා දී ඇති අතර, ඔවුන් සියලු දෙනාගේ ඡායාරූප ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයක්.

    Latest News