හෙම්මාතගම නගරයේ සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිළ ඇදුම් කොටස් වලට සමාන රෙදි තොගයක් නගරයේ පිහිටි පුද්ගලික ඇගළු කම්හලක තිබී හෙම්මාතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බදුල්ල දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ පාසල් හතරක වතු ද්‍රවිඩ තරුණ තරුණියන් 500 ක් පමණ අරාබි භාෂාව හා අල් කුරාණය, ඉරාන දේශපාලනය වැනි විෂයයන් උගන්වන පාඨමාලා පවත්වාගෙන යන බව ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි.
ISIS සංවිධානය සමඟ අන්තර්ජාලය ඔස්සේ සබඳතා පවත්වමින් මෙරට තොරතුරු ලබාදුන් බවට සැකකෙරන පුද්ගලයෙකු අලුත්ගමදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.