ඊශ්‍රායල හමුදාව ගාසාහි මුස්ලිම් පල්ලි 79%ක් සුන් කරයි

ඔක් 06, 2024
    පලස්තිනුවන්ට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ මුස්ලිම් පල්ලි සියයට 79ක් මේ වනවිට මුළුමනින්ම විනාශ කර ඇති බව, එරට ආගමික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

    මෙම ප්‍රහාර එරට බලධාරින් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද හෙළා දකින බවයි, ඔහු වැඩිදුරටත් පවසන්නේ.

    මෙහිදි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ පැවැති මුස්ලිම් පල්ලි 1245න් මේ වනවිට 814ක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි.
    එසේම තවත් පල්ලි 150ක් පමණ දැඩි හානීයට ලක්වී තිබෙනවා. ප්‍රහාරවලින් දේපළවලට සිදු වූ හානී තක්සේරු ගත කිරීමේදී එය ඩොලර් මිලියන 350ක් බවටයි වාර්තා වන්නේ.
    මේ අතර ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ පවතින සොහොන් විනාශ කිරීම වැනි මිලෙච්ඡ ක්‍රියා සිදු කරන බවට ද ගාසාහි ආරක්ෂක අංශ චෝදනා කරනවා.
    මෙම ජන සංහාරය හැකි ඉක්මණින් නැවැත්වීම සඳහා මැදිහත් වන ලෙසට එරට බලධාරින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News