හෙම්මාතගමින් හමුදා ඇදුමට සමාන ඇදුමක් අත්අඩංගුවට

මැයි 04, 2019

    හෙම්මාතගම නගරයේ සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිළ ඇදුම් කොටස් වලට සමාන රෙදි තොගයක් නගරයේ පිහිටි පුද්ගලික ඇගළු කම්හලක තිබී හෙම්මාතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

     පාස්කු ඉරිදා සිදුවීමෙන් පසු රට පුරා සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් හෙම්මාතගම පොලිස් ස්ථානය විසින් හෙම්මාතගම නගර මධ්‍යයේ පිහිටා ඇති ඇගළු කම්හලක් හදිසි සෝදිසි මෙහෙයුමකට ලක්කල අවස්ථාවේ මෙම හමුදා නිළ ඇදුම් වලට සමාන රෙදි තොගය හමු වී ඇත. එම රෙදි තොගයේ තිබී දිග කලිසම් දෙකක් කොට කලිසම් තුනක් රෙදි කැබලි 83ක් අඩංගු කිලෝ 21 බරති රෙදි තොගයක් හා මසා ඉතිරිවන කුඩා ප්‍රමාණයේ රෙදි කැබලි කිලෝ ග්‍රෑම් 10ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News