අල, ලූනු ආනයන බද්ද ඉහළට

ඔක් 06, 2024
    ‍ලොකු ලූනු සහ අර්තාපල් සඳහා ‍වන විශේෂ ආනයන බද්ධ ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
    මෙරට ගොවිජනතාවගේ අස්වනුවලට ඉහළ මිලක් ලබා දීම මෙහි අරමුණයි.
    ඒ අනුව ලොකු ලූනු සඳහා වූ රුපියල් 20ක්ව පැවති ආනයන බද්ධ රුපියල් 30 දක්වා රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.
    රුපියල් 50ක්ව පැවති අර්තාපල් සඳහා වු ආනයන බද්ධ ඉහළ දමා ඇත්තේ, රුපියල් 10කින්.
    ඒ අනුව ආනයනික අර්තාපල් සඳහා රුපියල් 60ක බද්ධක් නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    Latest News