ජනපති කටුවාපිටියට යයි

ඔක් 06, 2024

    පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල පරීක්ෂණ කඩිනම් කර වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික වනවා.

    ඒ, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල අය සමග මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්ති‍යන් දේවස්ථානයේ අද පැවති හමුවකදී. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකස් කරන බවයි.

    කටුවාපිටිය ශාන්ත සෙබන්තියන් දේවස්තානයට අද පෙරවරුවේ පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පිළිගනු ලැබුවා.
     
    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිවරයා එක්වුණා.
     
    බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත් වූ තැන් ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.
     
    කටුවාපිටිය දේවස්ථානය භාර මීසම්පාලක මංජුල නිරෝෂන් පියතුමන්, පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන්, බැතිමතුන් ඇතුළු පිරිසක් ද‍ මේ අවස්ථාවට එක්ව සිටියා.
    1
     
    2
     
    5
     
    6
    Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2024 17:47

    Latest News