අන්තවාද ව්‍යාප්තියට ද්‍රවිඩ තරුණ තරුණියන් 500 කට ස්ලාම් ධර්මය...... පාලත් ඇමති පරික්ෂණයක් ඉල්ලයි

මැයි 04, 2019

    ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බදුල්ල දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ පාසල් හතරක වතු ද්‍රවිඩ තරුණ තරුණියන් 500 ක් පමණ අරාබි භාෂාව හා අල් කුරාණය, ඉරාන දේශපාලනය වැනි විෂයයන් උගන්වන පාඨමාලා පවත්වාගෙන යන බව ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි.

     හපුතලේ දෙමළ මහ විදුහල, බණ්ඩාරවෙල දෙමළ මහ විදුහල, පස්සර දෙමළ මහ විදුහල සහ බදුල්ල සරස්වතී දෙමළ මහ විදුහල යන විදුහල්වල මෙම පාඨමාලා මාස අටක පමණ කාලයක් මේ වන විට පවත්වාගෙන ගොස් ඇත.

    මෙම වැඩසටහන අවුරුදු දහයකට සැළසුම් කර ඇති අතර ඊට සහයෝගය දෙන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දස දෙනෙකුට ඉරානයේ චාරිකාවක් පවා ලබාදී තිබීමත් මේ පිළිබඳව දැඩි සැකයක් මතුවන්නක් බව ඔහු පවසයි.

    මෙම පාඨමාලා සඳහා සාමාන්‍ය පෙළ හා උසස් පෙළින් පසු පාසල් හැරගිය තරුණ තරුණියන් 650 දෙනෙකු බඳවාගෙන ඇති අතර ඉන් 130 දෙනෙකු මුලදීම ඉන් ඉවත්ව ඇත.

    ඉතිරි 520 දෙනා අතරින් 20 දෙනෙකු පමණක් මුස්ලිම් ළමුන් වන අතර ඉතිරි 500 දෙනාගෙන් සුළු පිරිසක් කතෝලික හා බහුතරයක් හින්දු ආගමිකයින් වන වතු ද්‍රවිඩ තරුණ තරුණියන් බව හෙළිවී තිබේ. මෙය අයි එස් අයි එස් වැනි ත්‍රස්තවාදී සංවිධානයක ඉදිරි ඉලක්කයක් මත ක්‍රියාත්මක කරන වැඩසටහනක් බවට සැකකෙරෙන බවත් එබැවින් මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිළි කර ඇති බවත් අදාළ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පලාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවසියිය.

    Last modified on සෙනසුරාදා, 04 මැයි 2019 11:04

    Latest News