බදුල්ල දිස්ත්‍රික්කයේ සේවකයෙක් වෙන එක තම සටන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඇප මුදල් තැන්පත් කෙරිණ.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය දෝෂ සහිත යැයි පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුව ඔක්තෝබර් මස 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය තීරණය කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් පිහිටුවන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය, පොරොන්දු පමණක් බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කරති. 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ සියයට සියයක් සූදානම් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා මාධ්‍යය හමුවක් පවත්වමින් පවසයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කිරිම සිදුකරණ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සති තුන ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ගන්නා බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේ නම් එයට අදාළ ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් නොකරන්නේ මන්දැයි තමන් ප්‍රශ්න කර සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා විමසයි.

Latest News