ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා පුජ්‍ය ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමි පානන් උපවාසයක් ආරම්භ කර තිබේ.

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ අයගේ නවතම නාමලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බව ඇමති හරීන් ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණයේ පරාජය පිළිගෙන, ගෝඨාභය රාජපක්‍ෂ මහතා විදේශගතවීම සඳහා ගුවන් ටිකට්පත් වෙන් කරගෙන ඇති බව, නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පවසයි.

ජනතාවට සහන ලබාදෙන බවත් එය සැම ක්ෂේත්‍රයකටම ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නුවරඑලිය ජනතා රැලිය අමතමින් අද කියා සිටියේය.

70% ක් වූ ග‍්‍රාමීය ජනතාව ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගෝඨාභයගේ යාපනයේ නඩුවට එරෙහිව ලැබුණු අභියාචනාධිකරණ නියෝගය ඉවත් කිරීමට ගොනු කෙරුණු පෙත්සමට විරෝධතා දෙසැ. 02 ඉදිරිපත් කරන ලෙස නියෝග කරයි.

2019 අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කර ගෙන මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරමින් නිරායුධ සහ අහිංසක මිනිසුන් 300ක් ඝාතනය කළ සහරාන් හෂීම්ගේ "දෙවි පියා" (God Father) ගෝඨාභය රාජපක්ෂ බව මේ වන විට සියලු සාක්ෂි සහ සාධක ඇතිව ඔප්පු වී තිබෙන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තමන් අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටින බව වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කදවුරේ කථිකයන් කිහිපදෙනෙකු අන්තවාදය වපුරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලි සිටින බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවේ සිටියදී සෙබළුන්ට අමානුෂික ලෙස සැලකූ ආකාරය සහ ඔහු හමුදාවෙන් ඉවත් වීම පිළිබඳ මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඊයේ (18) සිදු කරන ලදී.

Latest News