තුෂාර ඉඳුනිල්ගෙන් ගෝඨාභයට අභියෝගයක්

අගෝ 01, 2019
    ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේ නම් එයට අදාළ ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් නොකරන්නේ මන්දැයි තමන් ප්‍රශ්න කර සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා විමසයි.
    පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේදී ය.
    එහිදී අදහස් දැක්වූ ඒ මහතා...
    ඊයේ පෙරේදා අපි සමාජ ජාල මාධ්‍යවල දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකානු පුරවැසිභාවයෙන් මිදීම සඳහා අවසරය ලැබුණා, මෙන්න ඒ අවසරය කියලා පුවතක්. හැබැයි පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගන්නවා. ඒක සත්‍යයෙන් තොරයි. මම ඒ ගැන අවශ්‍ය වෙලාවට කියන්නම් මාධ්‍යයට නෙවෙයි මම ඒක කියන්නේ. මම ඒක මැතිවරණ කොමසාරිස් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් ගෙන්න ගන්නම් කියලා. අපි අහන්නේ මාධ්‍ය නැතිව මල්වට්යක් අරන්වත් යන්න බැරි, මාධ්‍ය නැතිව මුල්ගලක් විදිහට ගඩොල් කැටයක්වත් තියාගන්න බැරි මේ 'වොයිස් කට්' ඔස්තාර්ලාට, 'මයික්' ටයිසන්ලාට මෙන්න මම අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත්තා. මෙන්න ඒ ලිපිය කියලා මාධ්‍යට ඉදිරිපත් කරන්න බැරි ඇයි කියලයි. හැම විටම මාධ්‍යයේ කරපිටින් යන මේ අයට ඇයි මේක මාධ්‍යට ඉදිරිපත් කරන්න බැරි?
    ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගෙන දේශීය පුරවැසියෙක් හැටියට ජනාධිපතිවරණය එන්න කියලයි අපි කියන්නේ. අනිවාර්යයෙන් අපි ඔහු පරාජය කරනවා. එහෙම නැතිනම් අමෙරිකානු පුරවැසිභාවය එතුමාට ආරක්ෂා කරගන්න වුවමනා නම්, ඒ අයගේ පැත්තෙන් ඉදිරිපත් වන තව රාජපක්ෂ කෙනෙකුට සහයෝගය දෙන්න පුළුවන්. මම හිතන්නේ අමෙරිකානු පුරවැසිභාවයෙන් මිදී මේ සඳහා ඉදිරිපත් වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාවක් ලැබී නෑ. එතුමාට අමෙරිකානු පුරවැසිභාවයත් ඕනෑ, ජනාධිපති අපේක්ෂකයා වෙන්නත් ඕනෑ.
    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 09:27

    Latest News