ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංසන පිරිනමන බව ජනාධිපතිවරණ අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසයි.

ජනාධිපති,ත්‍රිවිධ හමුදා සේනාධිනායක හා ආරක්ෂක ඇමති ලෙස රටත් ජනතාවත් දරු පරපුරත් ආරක්ෂා කිරීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විදෙස් රාජ්‍ය නායකයින් තවදුරටත් සුබ පැතුම් එක් කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු වන පකිස්තානය ද නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි සෑ රඳුන් අභියස දී මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැණුනු ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පණිවුඩයක් නිකුත් කරමින් සුභපැතුම් පිරිනමයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත් වන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් නම් කරනු ලැබිණ.

ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබපැතුම් එක් කර ඇත.

2019 ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කළ සියලු නිල ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක් ගෝඨාභය රාජපක්ෂ සමස්ත ඡන්ද 50.51% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වි තිබේ.

කසල ප‍්‍රශ්නය තව දුරටත් රටට ප‍්‍රශ්නයක් නොවන ආකාරයේ විසඳුමක් ලබාදීමට සියලූ කටයුතු සුදානම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව වැරදි ප්‍රචාරයක් ගෙන යන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

Latest News