රාජපක්ෂ පවුලෙන් තොරව SLFP ඡන්ද ව්‍යාපාරයක් නොමැතිවීම කණගාටුවක්

අගෝ 16, 2019

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කිරිම සිදුකරණ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    රාජපක්ෂ පවුලෙන් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ව්‍යාපාරයක් නොමැතිවීම සම්බන්ධයෙන් කණගාටුවන බවත් ඇය කියා සිටියේය.

    ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාම වැඩ පිළිවෙළ යටතේ බලංගොඩ ඉහළ දහමාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිනි තලතා අතුකෝරළ මේ බව කියා සිටියේය. රජයේ රුපියල් මිලියන 48000 වියදමින් දීප ව්‍යාප්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකවේ.

    තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය......

    රාජපක්ෂ පවුලෙන් තොරව අද මේ රටට වෙන වැඩක් නැද්ද. ඇයි මේ වහල්කමට වගේ. මොකක්ද මේ වේදිකාවේ ජනාධිපති අපේක්ෂයා නම් කරන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කරන වේදිකාව තියෙන්නේ මොකක්ද මැද මුලන. එතකොට දැන් මේ රට වෙලා ගන්න ඕන මැදමුලනයි. වෙන කිසි කෙනෙකුට මේකේ අයිතියක් නැහැ. ගම්වල ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ලැජ්ජා වෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මැදමුලනද. ඒක ඇවිල්ලා හොර පවුලක් හොරු ටිකක් බිහි කරපු ධනවතුන් වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායමක් තමයි ගෝඨාභය රාජපක්ෂලා. අපි ඒවා හෙට අනිද්දා හරියටම කියනවා.

    අපි තාම අපේ පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තේ නැහැ. අපේ පක්ෂයේ ක්‍රමය තමයි මැතිවරණය ප්‍රකාශයට පත් කළායින් පස්සේ අපේ පක්ෂයේ අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. එදාට ඔය කාගෙත් පැටිකිරිය කොහොම ද කියලා අපි කියලා දෙන්නම්. අද මේ පුද්ගලික මාධ්‍යකට ලොකු කැක්කුමක් තියෙනවා. මොකද රාජපක්ෂ මහත්තයා දිනවන්න ඕන. තමන්ගේ මල්ල පුරවා ගන්න අපි අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යුද්ධය කාලේ මේ රටට ගෙනාව අවි ආයුධ වලින් කී දෙනෙක් පොහොසත් මිනිස්සු හැදුවද. මම ඔබතුමාලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගන්න එපා කිවුවා වගේ මේ රටේ අනාගතය විසදෙන මැතිවරණය මේක. මේ මැතිවරණයේදී අපේ ජීවිත පරිත්‍යගයෙන් හරි අපි එක්සත් ජාතික පක්ෂයේ අපේ අපේක්ෂයා ජයග්‍රාහණය කරවනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා.

    මෙතන ඉන්න ඔබ සියලුම දෙනාම හොදින් අවබෝධ කර ගන්න ඕන මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් මේ රට භාර ගත්තේ බිලියන දහ දාහක ණයක් එක්කයි.ඒ ණයේ පළවෙනි වාරිකය ගෙවුවේ මේ ජනවාරි මාසයේ. තව ණය ගෙවන්න හරියට පටන් අර ගෙන නැහැ. ඒ ගෙවන්න තිබුණ ණයෙන් වැඩි හරියක් ගෙවන්න අගමැතිතුමාට පුළුවන් වුණා. අර හම්බන්තොට වරාය චීන්නුන්ගේ ඇගේ ගහලා අවුරුදු පනහකට හැටකට. අර කොළඹ මුහුදු නගරය හදන භුමිය සින්නක්කරම දීලා තිබුණා. ඒක අපි ගත්තා‍.

    ගිය අවුරුද්ද වෙන කොට මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති ජනාධිපති වෙන්න තියෙන හීනය නිසා අපි පත් කරපු ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවිරෝධිව ලේ බිංදුවක් හොල්ලන්නේ නැතිව පත් කරපු ආණ්ඩුව ගන්න හැදුවා. ආයේ නම් පිට එක්කෙනෙකුට ඡන්දය දෙන්නේ නැහැ කියනවා. ඔබ වගේ තමයි මමත්. 2010 මෝඩ වැඩක් කළා. 2015 මෝඩ වැඩක් කළා. අනිවාර්යයෙන්ම මේ සැරේ අපි සජිත් ප්‍රේමදාස මහත්තයාව කොහොම හරි ගන්නවා. ඒ ගැන ඔය ගොල්ලෝ සැකයක් තියා ගන්න එපා. අපේ අගමැතිතුමා හොදයි. එතුමාට තියෙන නායකත්වය එතුමාගේ පරිණත බව අපි අගය කරනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි නැති බැරි අය ඇති හැකි අය අඩු ආදායම් ලාභි අය නංවන්න කටයුතු කරන්න ඕන කියලා වැඩ කළේ ඒ මතයේ මමත් ඉන්නවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    Latest News