රජයක් නිසි මඟට යොමු කිරීමට මාධ්‍යයට කළ හැකි බලපෑම ඉතා පුළුල් බව ජනාධිපතිතුමා පවසයි.

'විෂම භාග' චිත්‍රපටයේ මංගල සිනමා දැක්ම ඊයේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ දී පැවැත්විණ.

ධාර්මික, ගුණ යහපත් සමාජයක් රට තුළ ගොඩනැගීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියෝ පවසති.

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල,ව්‍යවස්ථාපිත ආයතන හා රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා අද (28) දහවල් ඉන්දියාව බලාපිටත් වේ.

දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සඳහා පත් කෙරුණු නව සභාපතිවරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින්අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

අන්තර්වාර ආණ්ඩුවේ රාජ්‍ය ආමාත්‍යවරුන් 35ක් හා  නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

සියලු ප්‍රජාවට ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් විය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. විවේචනය කරනු වෙනුවට රටේ සංවර්ධනයට දායක වන ලෙස දෙමළ ඩයස්පෝරාවට තමන් ආරාධනය කරන බවයි, ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරාහල්ටන් මහත්මිය (Sarah Hulton) අද (25)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

ඉකුත් රජය හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇතිකරගත් බදු ගිවිසුම යළි සලකා බැලිය යුතු බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Latest News