එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, වන අලි සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා මේ වන විට කෙටිකාලීන මෙන්ම, දීර්ඝකාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.
රාත්‍රී කාලයේ ක්‍රියාත්මක දුම්රියන්හි ගැටීමෙන් පසුගිය කාලසීමාව තුළ වරින් වර වන අලි රැසක් මියගියා.
අනතුරු බහුල වශයෙන් සිදුව තිබුණේ, කොළඹ සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වා ධාවනය කෙරෙන දුම්රිය ආශ්‍රිතවයි.
එම ගැටලුව අවම කිරීම සඳහා අදාළ ප්‍රදේශයන්හි වන අලි සැරිසරන කාලසීමාවේ දුම්රිය ධාවනය අවම වන ලෙස දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කර තිබෙනවා.
වන අලි වැඩි වශයෙන් සැරිසරණ කාලසීමාවට පෙර සහ පසුව දුම්රිය ධාවනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව, මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක්ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පූනානි දක්වාත්, ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හංදියේ සිට කන්තලේ දක්වාත් ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම දුම්රිය කාලසටහන් සංශෝධනය කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, එය ලබන 7 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර, කොටුව-මඩකලපුව මීනගයා නගරාන්තර රාත්‍රී තැපැල් දුම්රිය සඳහා එස්-13 වර්ගයේ බලවේග කට්ටලයක් ධාවනයට එක් කිරීමටද සැලසුම් කර තිබෙනවා.
එම කාලසටහන පහතින්,