ගෝඨාභය පොදුජන පෙරමුණෙන් ඇප මුදල් බඳියි (විඩියෝ)

සැප් 20, 2019
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඇප මුදල් තැන්පත් කෙරිණ.

    එම ඇප මුදල් තැන්පත් කිරිම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ පාලන ලේකම් රේණුක පෙරේරා විසින් සිදුකරණු ලැබිණ.

    මේ අතර තවත් අපේක්ෂකයන් දෙදෙනෙක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළේය. අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් ස්වාධීන අපේක්ෂක ලෙසත් ජනාධිපතිවරණ යට ඇප මුදල් තැන්පත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 09:08

    Latest News