ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරිපත් වුවද, එම පක්ෂයේ ප්‍රචාරක රැලිවලට සහභාගීවීමට සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDPT) ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (16) පෙරවරුවේ පැවැත්විණි.

මෙම හමුව සඳහා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂමයේ උතුරු හා නැගෙනහිර පාලාත් පාලන ආයතනවල නියෝජිතයින් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ඊට එක් වුහ.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට වර්ධරාජා පෙරුමාල් මහතා කැමැත්ත පල කර තිබේ.

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් පිහිටවු උතුරු නැගෙනහිර පාලත් සභාවේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ වර්ධරාජා පෙරුමාල් මහතායි. ප්‍රධාන අමාත්‍යවරයා විමෙන් පසු ඔහු උතුරු නැගෙනහිර වෙනම ඊලාම් රජයක් ප්‍රකාශයට පත් කළේය. වෙනම ඊළාම් රජයක් ප්‍රකාශයට පත් කිරිමෙන් පසු ආරක්ෂක හමුදාව සහ ඔහුගේ සන්නද්ධ කණ්ඩායම් අතර වු ගැටුම් වලින් ආරක්ෂක හමුදා සැබලුන් විශාල පිරිසක් දිවිපිදුහ. ආරක්ෂ අංශ වෙතින් බේරි සිටිමට නොහැකිව ඉන්දියාවට පලායමෙන් පසු වසර ගණනාවක් ඉන්දියාවේ දේශපාලන රැකවරණ යටතේ ජිවත්විය. මේ වන විට ඔහු ලංකාවට පැමිණ යාපනයේ දේශපාලන කටයුතුවලට එක්ව සිටි.

සිරිගෙවල් වල සිටින්නන් රණවීරුවන් නොවන බවත් ඔවුන් රාජපක්ෂවරුන්ගේ අපරාධවලට සම්බන්ධ වුවන් බව වාම සහයෝගිතා කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා අද (10) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලූ රීට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණයේ තීරණය අද පස්වරු 6ට ලබා දෙන බව වාර්තාවේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම අද(02) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ සිදුකෙරණ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා වලංගු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බව පවසන සිවිල් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ පරීක්ෂණයකට අවශ්‍ය හඬ පට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විද්‍යුත් මාධ්‍ය තුනකට අද (23) නියෝග කරයි.

Latest News