97 වැනි ඔස්කා සම්මාන උළෙල අද අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.
එහිදී, ශාන් බේකර් අධ්‍යක්ෂණය කළ ‘අනෝරා’ චිත්‍රපටය, හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන 5 කින් පිදුම් ලැබුවා.
සම්භාවනීය හාස්‍ය රංගන ශිල්පියෙකු වන කොනන් ඕ බ්‍රයන්ස් 97 වැනි ඔස්කාර් සම්මාන උළලේ ප්‍රධාන නිවේදකයා ලෙස කටයුතු කළා.
‘ද බෲටර්ලිස්ට්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇඩ්‍රියන් බ්‍රෝඩ් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා.
‘අ රියල් පේන්’ චිත්‍රපටයේ කිරාන් කල්කින්’ හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තා.
‘අනෝරා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මිකී මැඩිසන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තා. ‘එමීලියා පෙරස්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වූ සෝඉ සැල්ඩානා රංගන ශිල්පිණිය හොඳම සහය නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගනු ලැබුවා.
හොඳම සංස්කරණයට සහ මුල් තිර රචනයට හිමි සම්මානය ද්විත්වයම හිමි වූයේ, ‘අනෝරා’ චිත්‍රපටය සඳහායි.
හොඳම විදේශ චිත්‍රපටයට හිමි සම්මානය, ‘අයිම් ස්ටිල් හියර්’ බ්‍රසීලියානු චිත්‍රපටය සඳහා පිරිනැමුණා.
‘එමීලියා පෙරස්’ චිත්‍රපටය හොඳම චිත්‍රපට සංගීතයට හිමි සම්මානය හිමි කර ගනු ලැබුවා.
‘විකඩ්’ චිත්‍රපටය සඳහා හොඳම ඇඳුම් නිර්මාණය සඳහා ඔස්කාර් සම්මානය පිරිනැමුණා.
මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ සුවිශේෂී අවස්ථාවක් වූයේ, පසුගියදා ලොස්ඇන්ජලීස් නගරයේ හට ගත් ලැව් ගිනි තත්වය මැඩපැවැත්වීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ලොස්ඇන්ජලීස් ගිනි නිවන ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔස්කාර් වේදිකාවට කැඳවා උපහාර දැක්වීමයි.