රාජපක්ෂලා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන පිරිසක් (විඩියෝ)

අගෝ 25, 2019
  • රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා මාධ්‍යය හමුවක් පවත්වමින් පවසයි.

    රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන පිරිසක් බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා පවසයි. හැටන් හිල්සයිඩ් හෝටලයේ අද (25) පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා......

    ගොඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා ප්‍රජාතන්ත්‍රවාදය අපි රැක ගැනිම සදහා කටයුතු කරා, යුද්ධය ඉවර කිරිමම ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරිමක්, අපි මාධ්‍යයවේදින්ටම ඉඩ දුන්නා, ලියන්න ඉඩ දුන්නා, මේ යෝධයාටම සිහි කල්පනාවක් නැද්ද, රාජපක්ෂලාගේ පවුලේ වුන්ට සිහි කල්පනාවක් නැද්ද, අමතක විමේ රෝගයක් තියෙනවද?.

    යුද්ධය පැවති කාලයේත් මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කලා, මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටියා, ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදි ගුණාංග රැක ගන්න කටයුතු කලා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණේ යුද්ධෙන් පස්සේ. ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව ඉල්ලනවා යැයිද ඔහු කියා සිටියේය.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 15:19

    Latest News