මම හිතුවේ චමල් හොදයි කියලා: ගෝඨාභයගේ බොදුබල සබඳතා මහින්ද පරාජය වුණා.... ඩිලාන් පෙරේරා

සැප් 22, 2019
  • බදුල්ල දිස්ත්‍රික්කයේ සේවකයෙක් වෙන එක තම සටන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

    දේශපාලකයින්ගේ නායකත්වය තීන්දු කරන්නනේ ජනතාව විසින් බව ඔහු කියා සිටි.

    “බදුල්ල දිස්ත්‍රික්කයේ නායකයෝ ගොඩයි. බදුල්ල ආසන නායකයෝ ගොඩයි.  බදුල්ල දිස්ත්‍රික් සේවකයෙක් කියලා කෙනෙක් නැහැ. ඒ නිසා මම තමයි පොදුජන පෙරමුණේ කණිෂ්ටම සාමාජිකයා, මන්ත්‍රීවරයා. ඒ නිසා බදුල්ල දිස්ත්‍රික් සේවක කමට කිසිම සටනක් නැහැ. ඒ නිසා නායකයන්ට ඒ නායකකම් කරන අතරතුර බදුල්ලේ සේවකයා හැටියට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළට මම අවතීර්ණය වෙලා ඉන්නවා. අපේ නායකකම් තීන්දු කරන්නේ ජනතාව. මගේ සටන බදුල්ල දිස්ත්‍රික් සේවකයා වෙන්න.

    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාව නම් කරන්න පෙර අපේක්ෂකයා හැටියට මමත් හිතුවේ චමල් රාජපක්‍ෂ වගේ කෙනෙක් අපේක්‍ෂක කමට හොඳයි කියලා. මොකද හේතුව සුළු ජාතික ඡන්ද පිළිබඳව ප්‍රශ්නයක් තිබිච්ච නිසා. එතකොට බොදුබල සේනා සංවිධානයත් එක්ක ඇති කරගත්ත සමහර සම්බන්ධකම් නිසා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පරාජය වුණා කියලා කවුරුත් දන්නවා යැයි“ ඔහු කියා සිටියේය.

     

     

    Last modified on ඉරිදා, 22 සැප්තැම්බර් 2019 19:39

    Latest News