“හැදෙන රටට - වැඩෙන ගසක්” තේමාව කර ගනිමින් ගස් දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද අද (01) පෙරවරුවේ එක් විය.

නව වසර උදාව සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන පහසු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එය ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2020 නව වසර උදාව සමරමින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් කර රජයට වාර්තාවක් ලබා දීමට, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ මණ්ඩලයක් පත් කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පස්වරු 04.00ට පමණ.

නව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය අද (16) දිවුරුම් දුන්නාය.

අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමි පත් කර තිබේ.

Latest News