අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිතුමා තීරණය කර තිබේ.

අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ දී ඉතා සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (11) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.

ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09)රාත්‍රී පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

දේශීය අභිමානය හා  ස්වෛරීභාවය සුරකිමින් ඕනෑම රටක් සමඟ සමව ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත පාලනයක් ස්ථාපනය කරන බවට ජානාධිපතිතුමා අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය විවෘත කරමින් සහ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය සභාගත කරමින් ප්‍රකාශ කළේය.

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද (06) පෙවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන, දේශීය අභිමානය හා  ස්වෛරීභාවය සුරකිමින් සෑම රටක් සමඟම සම තත්ත්වයෙන් ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත පාලනයක් ස්ථාපනය කරන බවට ජනාධිපතිතුමා සහතික වෙයි.

Latest News